රැසියාවෙන් නිවාඩුවට ඇවිත් මොරගල්ලේ දී අවසන් ගමනේ


(තුසිත කුමාර ද සිල්වා) 

රුසියාවේ සිට මෙරට අලුත්ගම  මොරගල්ල  තරු පන්තියේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක    විවේක ගත කරන්න පැමිණ සිටි තරුණ සංචාරකයකු  අද එම සංචාරක හෝටලය ආසන්නයේ මුහුදේ දිය නාන්න ගොස් අවාසනාවන්ත ලෙස මියගොස් තිබේන  බව අලූත්ගම පොලිසිය කියයි

මෙසේ මියගොස් ඇති විදෙස් සංචාරකයා  රුසියන්  ජාතික සර්ජි ඉතිමොව්(38)  නම් අයෙකු බව පොලිසිය කියයි.

මියගිය විදෙස් ජාතිකයා සිය පෙම්වතිය සමඟ මෙරටට පැමිණ ඇති අතර මාර්තු මස 2 වන දින  ශ්‍රී ලංකාවට පැමිණ අලුත්ගම ප්‍රෙද්ශයේ සංචාරක හෝටලයේ   විවේකය ගත කරමින් සිටියදී අද  මුහුදේ දිය නෑමට යාමේදී රළ පහරකට හසුව මියගොස් තිබෙන  බව පොලීසිය කියයි. 

එම  විදෙස් ජාතිකයා ගේ මෘත ශරීරය බේරුවල රෝහලේ තැන්පත් කර තිබේන අතර බේරුවලහදිසි මරණ පරීක්ෂක රෙජිනෝල්ඩ් හෙට්ටිආරච්චි මහතා  මූලික මරණ පරීක්ෂණ කටයුතු සිදු කර  මීට සුළු වේලාවකට පෙර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා  මෘත ශරීරය කළුතර ශික්ෂණ රෝහල වෙත  රැගෙන යන ලෙස අලුත්ගම පොලිසියට නියෝග කළබව කියයි .

මියගිය  සංචාරකයාගේ පෙම්වතිය බව කියන විදෙස්  තරුණිය දැඩි ලෙස සංවේදී ව සිටියි.
අලූත්ගම  පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  ප්‍රියන්ත කුමාර අත්තනායක  මහතාගේ උපදෙස් මත පොලිස්  සැරයන්රත්නායක (58430) මහතා  විමර්ශන සිදු කරයි.